මිනිසුන් විවිධ හේතු නිසා සියදිවි හානි කරගන්නා අවස්ථා ගැන අප කොතෙකුත් අසා තිබෙනවා.නමුත් යම් ස්ථානයකට රාත්‍රී කාලයේ යන සියලු දෙනාම සියදිවි නසා ගන්නවා නම් අතුරුදන් වනවා නම් එය සැබැවින්ම අවදානය යොමු කළ යුතු ස්ථානයක්.අද ලිපිය තුළින් අප කතා කරන්නේ ලෝකයේ පවතින මෙවන් අද්භූත ස්ථානයක් පිළිබඳවයි.
මෙය තායිවානයේ ෂැංහයි නම් විශ්ව විද්‍යාලය පිටුපස තිබෙන එක්තරා පැරණි පාලමක්.තායිවාන වැසියන් පවසන විදිහට මේක ශාපලත් අබිරහස් පාලමක්.මේ ස්ථානයයේ සිදු වුණ සියලුම අබිරහස්වලට සම්බන්ධවන පඩි 13න් සමන්විත පාලමකුත් මේ අසල තිබෙනවා.විශ්වාස කිරීම අපහසු වුවත් වාර්තාවන විදිහට මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම පඩිපෙළට තවත් පඩියක් එකතුවනවා.නොදැනුවත්ව හෝ කිසියම් අයෙක් මේ අවස්ථාවේ පාලම පසු කරගෙන ගොස් 14වෙනි පඩියට අඩිය තැබුවහොත් ඔහුගේ පසුපසින් භයානක ශාපයක් පැමිණෙනවා.මුලින්ම පඩිපෙළ පසුකරගෙන යන ඒ පුද්ගලයාට ඇඟ කිළිපොලා යන ආකාරයේ සීතල සුළඟක් දැනෙන බවත් ඒත් සමඟම කාන්තාවකගේ භයානක කටහඬක් පසුපසින් ඇසෙන්නට පටන් ගන්නවා.පුදුම සහගත විදිහට මේ කාන්තාව එම ස්ථානයට පිවිසෙන පුද්ගලයාගේ නමින්ම තමයි මේ අවස්ථාවෙදී කතා කරන්නේ.
මේ කාන්තාව විමසා සිටින්නේ ඒ අවස්ථාවේ වේලාව කීයද කියලයි.කොහොම වුණත් මේ කාන්තාව කතා කලොත් ආපසු හැරිලා බලන්න නම් හොඳ නැහැ.බැරිවෙලාහරි එහෙම හැරිලා බැලුවොත් ලේ පිපාසිත වියරුවෙන් ඉන්න කාන්තාවක් තමයි දකින්න ලැබෙන්නේ.පසුව මේ කාන්තාව එම පුද්ගලයාව ඉතාම අමානුෂික විදිහට ඝාතනය කරලා පාලමෙන් පහලට විසිකර දමනවා.මේ කාන්තාව නම කියලා කතා කරන්න කලින් පසුපස බැලුවොත් ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් පලා යාමෙන් ජීවිතය ගලවා ගන්න පුළුවන්.හැබැයි සම්පූර්ණයෙන්ම ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.මොකද ඉන්පසු සෑම මොහොතකම අර භයානක කාන්තාව සියදිවි නසා ගන්නා ලෙස මේ පුද්ගලයාට බලකෙරෙනවා.මෙය දරා ගැනීමට නොහැකිව බොහෝ දෙනා පාලමෙන් පැන සියදිවි නසා ගෙන තිබෙන බවත් වාර්තාවනවා.
නාගරික පුරාවෘත්තයක් විදිහට බෙහෙවින්ම ජනප්‍රිය වුණ මේ පාලම පිළිබඳව විශ්ව විද්‍යාල සිසුන් සොයා බැලීමට තීරණය කරනවා.ඒ අනුව ඔවුන් මෙම 14වන පඩිය සහ අද්භූත කාන්තාව සොයා රාත්‍රී කාලයේ පාලම වෙත පිවිසෙනවා.නමුත් ඉතාමත් අවාසනාවන්ත විදිහට මේ පිළිබඳව සොයා බැලීමට ගිය සිසුන්ගෙන් කිහිපදෙනෙක් සියදිවි නසා ගන්නා අතර තවත් කිහිපදෙනෙක් අතුරුදන්වී තිබෙනවා.
පසුව තවත් සිසුවෙක් මේ පිළිබඳව සොයා බලන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පලකරනවා.පසුදින මධ්‍යම රාත්‍රියේ ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් ලබා දෙමින් මෙම පාලම මතට පිවිසෙනවා.නමුත් සුළු වේලාවකට පසුව එම වීඩියෝවට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් ඔහුට පිටුපසින් කිසියම් පුද්ගලයකු සිටින බවට දැනුම් දෙනවා.මේ නිසාම වඩාත් විමසිලිමත් වන ඔහුට තම දුරකතනයේ තිරය තුලින් පිටුපසින් සිටින අයෙකුගේ ඡායාවක් දක්නට ලැබෙනවා.තැතිගැන්මට පත්වන ඔහු සජීවී විකාශය අතරමඟ නවතා දමා ඉක්මනින්ම එතැනින් ඉවත්වනවා.කෙසේවෙතත් දින කිහිපයකින් මේ වීඩියෝව පවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගන්නා මේ තරුණයා පිළිබඳව වැඩි තොරතුරක් දැන ගැනීමට ලැබෙන්නේ නැහැ.
මේ සිදුවීම් නිසාම පාලමේ අතීතය පිළිබඳව සොයා බලන පුද්ගලයන්ට එක්තරා සිදුවීමක් පිළිබඳව දැන ගැනීමට ලැබෙනවා.එම සිදුවීමට අනුව එක්තරා තරුණියක් දිනක් තම පෙම්වතා මුණ ගැසීමේ අරමුණින් මෙම පාලම මතට පැමිණ තිබෙනවා.නමුත් පැය ගණනාවක් බලා සිටියත් ඇගේ පෙම්වතා නම් පැමිණෙන්නේ නැහැ.මේ නිසාම ඔහුගේ නොපැමිණීමට හේතුව සොයා බලන ඇයට ඔහු වෙනත් තරුණියක සමඟ සම්බන්ධවක් පවත්වන බව දැන ගන්නට ලැබෙනවා.මෙම තත්ත්වය දරා ගැනීමට අපොහොසත් වන තරුණිය මෙම පාලම මතට පැමිණ එතැනින් බිමට පැන සියදිවි නසා ගෙන තිබෙනවා.එතැන්සිට මේ දක්වාම මෙම පාලම මත සිටින ඇය ඒ වෙත පැමිණෙන පුද්ගලයන් මරා දමන බවයි පැවසෙන්නේ.
තවමත් සාමාන්‍යය මනුශ්‍ය නෙතට , ඇසට සංවේදී නොවන බුද්ධියට මායිම් නොවන බොහෝදේ අතර මෙයත් එකක් දැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් කිසිවකු සතුව නැහැ.කෙසේවෙතත් තායිවානයේ සංචාරයක් වෙනුවෙන් ගිය අවස්ථාවක හෝ මෙම පාලම නැරඹීමට ගියහොත් 14වෙනි පඩිය පිළිබඳව සැලකිලිමත් වීම නම් වටිනවා.

No comments:
Post a Comment