Friday, May 12, 2023

රාවණගේ දඬුමොනර තාක්ෂණයෙන් කාලතරණය කළ හිට්ලර් ?


 

                                        කාලතරණය කියන්නේ හඳ ගමන වගේම මිනිසා බොහොම කාලයක ඉඳලා දකින සිහිනයක්.මේ පිළිබඳව විවිධ මත , තොරතුරු අහන්න ලැබුණත් අපි දන්න විදිහට නම් තවමත් කාලතරණය කරන්න පුළුවන් විදිහේ යන්ත්‍රයක් නිර්මාණය වෙලා නැහැ.නමුත් අති විශාල රහස් ප්‍රමාණයක් සඟවා ගෙන ඉන්න ඇමරිකානු රජය මේවනවිටත් කාලතරණය කළ හැකි තාක්ෂණයක් සොයාගෙන තිබෙන බවත් ඔවුන් එය භාවිත කර ඇති බවටත් වර්තමානය වනවිට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා.

                                  ඒ වගේම නාසි හමුදාව අතීත පෙරදිග තාක්ෂණික දැනුම භාවිත කරමින් කාලතරණය කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කළ බව පැවසුවහොත් ඔබ විශ්වාස කරනවාද?නාසි හමුදාව ඉතාමත් රහසිගත තාක්ෂණික උපකරණයක් නිර්මාණය කළ බව මුලින්ම ලෝකයට හෙළි කර තිබෙන්නේ " ඉගෝර් විට්කොවිස්කි " නම් පෝලන්ත ජාතික මාධ්‍යවේදියකු විසිනුයි." ද ඩයික්ලෝර්ක් " නමින් හඳුන්වා තිබෙන මෙහි ජර්මානු අර්ථය " නාසි සීනුව " යන්නයි.සැබැවින්ම මෙය සීනුවක හැඩයට නිර්මාණය කළ උපකරණයක්.සීනු හැඩයේ උපකරණයක් නිසා මෙය කිසිවිටකත් යානයක් ලෙස සඳහන් කිරීමේ හැකියාවක් නැහැ.
                                   මෙම නාසි බෙල් ව්‍යාපෘතිය භාරව කටයුතු කොට තිබෙන්නේ හිට්ලර්ට ඉතාමත් සමීප , විශ්වාසවන්ත පුද්ගලයකු වන " ජෙනරල් ජාකොබ් " නම් පුද්ගලයකුයි.වාර්තා වන ආකාරයට මෙම යන්ත්‍රයට බලය ලබා දී තිබෙන්නේ රසදිය මගින් පණගැන්වෙන එංජිමක් ආධාරයෙනුයි.අතීතයේ දඬුමොනර යානයෙන් අහසින් ගිය බව කියවෙන රාවණගේ පෙරදිග විමාන තාක්ෂණයට මෙය අතිශයින්ම සමානකමක් දක්වනවා.කෙසේවෙතත් මේ සඳහා පෙරදිග විහාරස්ථානවලින් රැගෙන ආ පුරාණ පුස්කොළ පොත්වල සඳහන් වූ විමාන තාක්ෂණය උපයෝගී කරගෙන තිබෙන බවනම් ප්‍රසිද්ධ රහසක්.
                                   මෙසේ කාලතරණය කළ හැකි යන්ත්‍රයක් නිපදවූ බවට විශාල තොරතුරු ප්‍රමාණයක් නැතත් විවිධ මත සහ සැක කටයුතු ස්ථානයන් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.පෝලන්තයේ වෙන්ස්ලස් නම් දුෂ්කර ගම්මානයේ එක්තරා ස්ථානයක අද්භූත පෙනුමක් තිබෙන මෙවැනි ඉදිකිරීමක් දක්නට ලැබෙනවා.මෙතන තිබෙන්නේ කොන්ක්‍රීට්වලින් කළ රාමුවක් පමණයි." ද හෙන්ච් " විදිහට හඳුන්වන මෙය අතීත නාසි හමුදාව නාසිබෙල් යන්ත්‍රය නිර්මාණය කළ ස්ථානය බවට සැලකෙනවා.නමුත් ඇතැම් පිරිස් නම් පවසන්නේ මෙය පැරණි ගල් අඟුරු බලාගාරයක සිසිලන කුළුණක නටඹුන් කියලයි.
                                 නාසිබෙල් ව්‍යාපෘතියේ අවසාන අදියර සනිටුහන් කරමින් 1945 දී නාසි හමුදාවේ " V2 " මිසයිල වැඩසටහන භාරව සිටි SS ජෙනරල් " හාන්ස් කම්ලර් " නාසිබෙල් ව්‍යාපෘතිය සමඟ එක්ව තිබෙනවා.එහිදී ඔහු මෙම නාසිබෙල් යන්ත්‍රය රහසිගතව ගුවන් යානයක් මගින් දකුණු ඇමරිකාවට ප්‍රවාහනය කළ බව සඳහන් වෙනවා.ඒ වගේම ඔවුන් මෙහි අත්හදා බැලීම් කිහිපයක්ම අයිස් සහිත පාලු ඇන්ටාක්ටිකා ප්‍රදේශයේදී සිදු කළ බවත් වාර්තා වෙනවා.කෙසේවෙතත් රහසිගත භූගත බංකරයක නිර්මාණය කෙරුණු නාසි බෙල් යන්ත්‍රය ඉවතට ගත් වහාම එම ව්‍යාපෘතිය භාරව කටයුතු කළ විද්‍යාඥයන් 60කට අධික ප්‍රමාණයක් ජෙනරල් හාන්ස් කම්ලර්ගේ අණ පරිදි ඝාතනයට ලක්කර තිබෙන්නේ එම රහස සදාකාලිකවම රැක ගැනීමේ අරමුණ සහිතවයි.
                                 යුධමය පරාජයත් සමඟ විවිධ විදෙස් හමුදාවන් ජර්මනිය ආක්‍රමණය කළත් කිසිවෙකුටත් මෙම නාසිබෙල් යන්ත්‍රය සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.එපමණක් නොවෙයි නාසිබෙල් යන්ත්‍රත් සමඟම අවසන් කාලයේදී එම ව්‍යාපෘතිය භාරව කටයුතු කළ ජෙනරල් හාන්ස් කම්ලර් පිළිබඳවත් කිසිඳු හෝඩුවාවක් ලැබී නැහැ.
                                   මෙවන් විවිධ මත පැතිරෙමින් තිබෙන අතරතුර 1965 දී පෙන්සිල්වේනියාවේ කෙක්ස්බර්ග් ප්‍රදේශයට හඳුනා නොගත් සීනු හැඩයේ යානයක් කඩා වැටෙනවා.ඇසින් දුටුවන් පවසා තිබුණේ එහි නාසි හමුදා ලාංඡනය සටහන්වී තිබූ බවයි.ඉන් අනතුරුව නැවතත් 2008 වසරේදීත් මේ ආකාරයේම යානාවක් පිළිබඳව කැලිෆෝනියාවේ නීඩ්ල්ස් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.එසේනම් නාසි හමුදාවන් කාලතරණය කළ හැකි යන්ත්‍රයක් සැබැවින්ම නිර්මාණය කළාද?නාසි හමුදාව කියන්නේ ඒ කාලයට සාපේක්ෂව ඉතා දියුණු තාක්ෂණික උපකරණ සහ අවි ආයුධ නිර්මාණය කළ බොහොම රහස් ප්‍රමාණයක් සඟවාගත් කණ්ඩායමක්.ඉතින් ඔවුන් නිවැරදිව කාලතරණ යන්ත්‍රයක් නිර්මාණය කළාද?යුධමය පරාජය හමුවේ හිට්ලර් අනාගතයට නැත්නම් සමාන්තර ලෝකයකට පැන ගියාද?

Tuesday, May 2, 2023

පළිඟු පාෂාණයෙන් නිමවූ අරුම පුදුම හිස්කබල් පරිගනකය


 

                                      ලෝකය පුරා වෙසෙන සෑම පුද්ගලයකුම පාහේ තමන්ගේ ජීවිතයේ විවිධ සිදුවීම්වලට , අවස්ථාවලට හේතුවූ නොයෙකුත් ආකාරයේ සිහිවටන තමා සන්තකයේ තබා ගැනීම බොහොම සාමාන්‍යය සිදුවීමක්.නමුත් මිනිස් හිස්කබලක් වගේ දෙයක් සිහිවටනයක් විදිහට නැතිනම් පරිගනකයක් විදිහට යොදා ගනීවිද?සිහියට නැගෙන විටත් ඇඟ කිළිපොලා ගියත් අද ලිපිය තුළින් තොරතුරු රැගෙන එන්නේ වර්තමානයේ පවතින තාක්ෂණයෙන් පවා නිර්මාණය කළ නොහැකි බවට සනාථ කළ ඈත අතීතයේ නිර්මාණය කළ පළිඟු මිනිස් හිස්කබල් කිහිපයක් පිළිබඳවයි.

                                      1924 දිනක බෙලීස් ප්‍රදේශයේ ලුබාන්ටුන්හි පුරාණ මායා ශිෂ්ටාචාරයට අයත් පිරමීඩයක් ගවේෂණය කරමින් සිටින අතරතුර " ඇනා හෙජර්මිස්ට " සහ " ෆෙඩ්‍රික් මිචෙල්ට " නොසිතූ ආකාරයේ වස්තුවක් හමු වනවා.මිනිස් හිස් කබලට ඉතාම සමාන අයුරින් නිර්මාණය කොට තිබූ මෙය මිනිස් හිසක ප්‍රමාණයට බෙහෙවින් සමානයි.ඇදහිය නොහැකි තරම් නිවැරදිව සාමාන්‍යය මිනිස් හිස්කබලක පවතින සියළු අංගෝපාංග සහිතව මෙය නිමවා තිබුණා.මෙම හිස්කබල කපාල සහ ඉහළ හනුවත් , චලනය කළ හැකි සහ ඉවත් කළ හැකි පහළ හනුවත් එකම පළිඟු කුට්ටියකින් තනා තිබීම තවත් විශේෂත්වයක්.රාත්තල් 11.7ක් බරැති මෙය අඟල් 5ක උසකිනුත් , අඟල් 7ක දිගකින් සහ අඟල් 5ක පළලින් යුක්ත වනවා.කෙසේවෙතත් මෙහි කුඩා බවත් කැපී පෙනෙන තවත් ලක්ෂණත් හේතුවෙන් කාන්තා හිස්කබලක් නිරූපණය වන බව පැවසෙන මෙය " මායා කෙන්ඩි " ගෝත්‍රිකයන් " ඩූම් හිස්කබල " නමින් හඳුන්වා තිබෙනවා.
                                එවකට 17වියැති වූ ඇනා මෙය තම පවුලේ වස්තුවක් ලෙස සන්තකයේ තබා ගැනීම නිසා මේ පිළිබඳව වඩාත් නිවැරදි තාක්ෂණික තහවුරු කිරීමක් සිදු වී තිබුණේ නැහැ.මේ නිසාම 70 දශකය වනවිට මෙය ව්‍යාජ හිස් කබලක් බවට මත පලවීමට පටන් ගැනුණා.මේ නිසාම ඇනා මෙය විද්‍යාත්මකව සනාථ කිරීමට එවකට ලොව සිටි දක්ෂතම පළිඟු තාක්ෂණික පරීක්ෂකයා වූ " Frank Dorland " වෙත ලබා දෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස " පැෆාර්ඩ් පරීක්ෂණාගාරය " තුළදී එවකට ලොව තිබූ සියළු අධිතාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් පරීක්ෂණට බඳුන් වූ මෙම හිස් කබල ලෝකයාගෙන් සැඟවී තිබූ තවත් තොරතුරු රැසක් අනාවරණය කරනවා.
                                    එහිදී සොයා ගන්නා ආකාරයට මෙම පළිඟු පාෂාණයේ අන්තර්ගතය " Piezoelectric Silicon Dioxide " වලින් සැකසී තිබෙනවා.මෙය වර්තමාන පරිගනකවල " Microchip "  නිපදවීමට යොදා ගන්නා වර්ගයක්.මෙම හිස්කබල ධන හා සෘණ විද්‍යුත් ආරෝපණයක් ඇති කර ගනිමින් ක්‍රියාත්මක වන බවත් ඔවුන් පවසනවා.එපමණක් නොව මෙම පුදුම සහගත නිර්මාණයේ අක්ෂිවලට පිටුපසින් මිනිස් ඇසක ආලෝක පරාවර්තනයට උපකාර වන ප්‍රිස්මාකාර නිර්මාණයක් පවතින බවත් ඒ හරහා ගමන් කරන දෘශ්‍ය කිරණ මගින් එකී විද්‍යුත් ආරෝපණ නිර්මාණය කරන බවත් සොයා ගන්නවා.
                                කෙසේවෙතත් ඩූම්ගේ හිස්කබල ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුව එම ප්‍රදේශයට ආසන්නතම ප්‍රදේශ කිහිපයකින් විවිධ පළිඟු ගලින් නිමවූ තවත් මිනිස් හිස්කබල් 13ක් සොයා ගැනෙනවා.කෙසේවෙතත් ලෝකයේ නොවිසඳුණු අබිරහස් ගොන්නෙහි තම නාමයත් සටහන් කළ ඩූම් හිස්කබල අවසානයේ දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට උරුම වී තිබෙනවා.
                                 බොහෝදෙනාගේ මතය අනුව සැබැවින්ම මේවා මායා වැනි අතීතයේ පැවති බවට සැලකෙන දියුණු , බුද්ධිමත් ශිෂ්ටාචාර පරිගනක ලෙස භාවිත කළ ඒවාද?තවමත්  Microchip වැනි කුඩා උපකරණයක දත්ත ගබඩා කරන අපිට මෙම හිස්කබල තුළ ගැබ් වුණ අති විශාල තොරතුරු ගබඩාව ලබා ගැනීමට හැකි තාක්ෂණික දැනුමක් කවදා නම් ලැබේවිද?