පාසල් කාලය කියන්නේ අපි කාගේත් සිතට බොහොම සතුටක් සැහැල්ලුවක් එක් කරන මතකයන් ගොන්නක් රැඳුණු කාලසීමාවක්.කොයිතරම් සොඳුරු මතකයන් ගොන්නක් රැඳී තිබුණත් හොල්මන් අවතාර දකින්න ලැබුණු අත්දැකීමක්නම් බොහෝවිට නැති වෙන්න පුළුවන්.නමුත් හොල්මන් අවතාර දකින්න ලැබෙන මේ දේවල් නිසාම ලෝකප්‍රකට වුණ පාසල් කිහිපයකුත් මේ ලෝකයේ තිබෙනවා.අද ලිපියෙන් අපි කතා කරන්නේ එවන් හොල්මන් අවතාර සැරිසරන පාසැල් කිහිපයක් ගැනයි.
El Paso High School සිදුවීම :-
මෙම පාසල ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් පෙදෙසේ පිහිටා තිබෙන වසර 100ත් වඩා පැරණි පාසලක්.හොල්මන් අවතාර නිතර සැරිසරන පාසලක් බවට විදෙස් මාධ්‍ය මේ පාසල පිළිබඳව සඳහන් කර තිබුනත් ලෝකප්‍රකට වූ සිදුවීම වාර්තා වී තිබෙන්නේ 1985 වසරේදීයි.පාසලෙන් ඉවත්වන සිසුසිසුවියන්ගේ සමූහ ඡායාරූපයක් ලබා ගැනීම සාමාන්‍ය සිරිතක්.මේ විදිහට මෙම වසරේත් පාසලෙන් ඉවත්වන සිසුන්ගේ සමූහ ඡායාරූපයක් ලබාගෙන තිබෙනවා.නමුත් මෙහි අසාමාන්‍යභාවය හෙළිවන්නේ එම ඡායාරූප මුද්‍රණය කිරීමෙන් අනතුරුවයි.ෆොටෝෂොප් වැනි ඡායාරූප එඩිට් කිරීමේ හැකියාව සහිත මෘදුකාංග නොතිබුණු එම කාලයේදී ලබාගත් මෙම ඡායාරූපයේ ඔවුන් සමග නොසිටි , කිසිදින දැක නැති ඡායාවක්වන් කාන්තාවක් සිටින බව දක්නට ලැබී තිබෙනවා.නමුත් මෙම කාන්තාව දෙපස සිටින දෙදෙනා පවා මෙවන් අයකු තමන් සමඟ ඡායාරූපයකට පෙනී නොසිටි බව තහවුරු කර තිබෙනවා.එසේ නම් මෙම ඡායාරූපයට හසු වී තිබෙන්නේ කවුරුන්ද?
Lambertville High School සිදුවීම :-
ලැම්බර්විල් උසස් පාසල 1854 දී ආරම්භ කර තිබුණත් 1924 දී ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.නැවත වරක් පාසල 1952 දී ආරම්භ කලත් අවාසනාවන්ත ලෙස නැවතත් 1992 වසරේදීත් ගින්නකින් විනාශවී යනවා.මෙම පාසලත් හොල්මන් අවතාර සැරිසරන ස්ථානයක් විදිහටයි සැලකෙන්නේ.මෙම පාසලේ පාපන්දු කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් සමඟ පැවති තරඟයකදී එක් ක්‍රීඩකයෙක් අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.වාර්තා වන ආකාරයට මෙම ක්‍රීඩකයා පාසලේ විවිධ ස්ථානවල සිට හමුවන තරුණයන්ට පාපන්දු තරඟයකට අභියෝග කරනවා.කොහොම වුණත් මේ පාසල නම් වර්තමානය වනවිට දක්නට ලැබෙන්නේ නැහැ.
Hollywood High School සිදුවීම :-
අඳුර වැටෙනවිට දොරවල් ඇරෙන වැසෙන සිදුවීම් සාමාන්‍යය තත්ත්වයක් බවට පත්ව තිබෙන මෙම පාසල ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි හොල්මන් අවතාර අරක්ගත් බවට ප්‍රසිද්ධ තවත් පාසලක්.වාර්තා වන ආකාරයට අවම වශයෙන් මෙම පාසලේ ප්‍රධාන ශාලාවේ භූත ආත්ම 03වත් සැරිසරන බව පැවසෙනවා.මෙම ශාලාව තුළදී ටෝබි නම් ශිෂ්‍යයෙක් වෙඩි තබා ගැනීමෙනුත් තවත් කාන්තාවක් ගෙල වැල ලා ගැනීමෙනුත් සියදිවි හානිකර ගෙන තිබෙනවා.ඔවුන්ට අමතරව මියගිය සේවිකාවකගේ ආත්මයක් සහ සේවය කළ ගුරුවරුන්ගේ ආත්මයනුත් මෙහි සැරිසරන ආකාරය දුටු පිරිස් පවා සිටිනවා.
මෙතරම් ආතමයන් ගණනාවක් මෙම පාසල හැර නොයා එහිම රැඳී සිටීමට හේතුව කුමක්ද?
Peenang High School සිදුවීම :-
මැලේසියාවේ පීනැන් දුපත 1816දී බ්‍රිතාන්‍යයන් ආක්‍රමණය කිරීමෙන් පසුව අරඹන ලද පීනැන් උසස් අධ්‍යාපන පාසල වසර 200ට වඩා පැරණි පාසලක්.මෙය මුල් කාලීනව දූපතේ දරුවන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දීම සිදු කෙරුණු පාසලක් වුවත් දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් මෙය සිරකඳවුරක් පවත්වාගෙන යාම සඳහා භාවිතයට ගෙන තිබුණා.එහිදී අනේකවිධ වධබන්ධනවලට ලක් වුණු සිරකරුවන්ගේ ආත්ම මෙම පාසල තුළ තවමත් සැරිසරන බවට වාර්තා වනවා.තවමත් මෙම පාසල තුළ රාත්‍රී කාලයට විවිධ කෑගැසීම් , අසාමාන්‍ය ශබ්ද ඇසෙන බවත් මධ්‍යම රාත්‍රිය පසු වනවිට කාන්තාවක් වේදනාවෙන් කෑගසන හඬක් නිරන්තරයෙන් අසන්නට ලැබෙන බවත් වාර්තා වනවා.
සැබෑවටම ලෝකයපුරා විවිධ රටවල පාසල්වලින් වාර්තා වන මෙම සිදුවීම් මොනවාද?එම සිදුවීම්වලට හේතුව කුමක්ද?සාමාන්‍ය මනුෂ්‍යයාගේ බුද්ධියට ගෝචර නොවන මෙවන් ප්‍රශ්නවලට කවදානම් පිළිතුරු ලැබේවිද?

omg
ReplyDelete