ඉතිහාසය කියන්නේ හරිම අපූරු විස්මයජනක ඉසව්වක්. වර්තමාන ලෝකය නිරන්තරවම නවීකරණය වන බවට සඳහන් වුවත් මොහොතින් මොහොත , දවසින් දවස සොයාගන්නා තොරතුරුවලින් ඉතිහාසය තරම් වෙනස් වන තවත් ක්ෂේත්‍රයක් නොමැති තරම්.වර්තමාන තාක්ෂණය උසස් යැයි සිතා සිටින මිනිසාට වරින්වර ඉස්මතුවී පහර පිට පහර එල්ල කරමින් තමන්ගේ ශිෂ්ඨාචාරයන්වල විස්කම් මතුකරන පුරාවස්තූන් සැබැවින්ම අපව විස්මයට පත් කරනසුළුය.ඉතිහාසය අපට පෙන්වන ඔවුන්ගේ දැනුම , තාක්ෂණය ඉදිරියේ අප තවමත් නිරුත්තරයි.ඉතිහාසඥයන් පවසන ආකාරයට අවම වශයෙන් මීට වසර දෙදහසකට පෙර පෘථිවියේ ඉතිහාසය පිළිබඳ උපකල්පනය කිරීමටවත් ඔවුන් සතුව ප්‍රමාණවත් සාක්ෂි නැහැ.ඉතින් අදත් අපි ඔබට මේ කියන්නේ වර්තමාන තාක්ෂණය , විද්‍යාව මෙන්ම විද්වතුන් පවා නිරුත්තර කරන එවන් විස්මිත තාක්ෂණයන් කිහිපයක් පිළිබඳවයි.
ලේසර්වලින් කැපූ ගල් :-
පැරණි ඊජිප්තුව කියන්නේ අදටත් විසදාගත නොහැකි අබිරහස් රැසක් සැඟවුණු ශිෂ්ටාචාරයක්.ඒ අතර තිබෙන සැඟවුණු පිරමීඩ කියන්නේ අදටත් විද්‍යාවෙන් පවා හරිහැටි පිළිතුරක් නොලැබුණු ඉතාමත් සංකීර්ණ නිර්මාණයක්.පැරැන්නෝ කොහොමද ඉතාමත් නිවැරදි ජ්‍යාමිතියකින් මෙම නිර්මාණයන් කළේ කියන එක අප ඉදිරියේ තවමත් ඉතිරිව ඇති පැනයක්.ඊට අමතරව අපට ප්‍රශ්නාර්ථයක් නගන තවත් ගැටලුවක් තමයි මේ සඳහා යොදාගත් විශාල ගල් කුට්ටි එකම ආකාරයකට කපා කපා ගැනීමට යොදාගත් තාක්ෂණය කුමක්ද කුමක් ද කියන කරුණ ද කියන කරුණ විවිධ මතිමතාන්තර අනුමාන රැසක් තිබුනත් පැරණි ඊජිප්තුව මේ සඳහා යොදාගත් තාක්ෂණය පිළිබඳ තවමත් කිසිවකු හරිහැටියට දන්නෙ නම් නැහැ.මේ සඳහා සුවිශේෂි උපකාරණ පවතින වර්තමානයේ දී පවා ගල් කුට්ටියක් කැපීම ඉතාමත් අපහසු කටයුත්තක්.
විද්‍යාඥයන් අනුමාන කරන්නේ ඔවුන් බොහෝ දුරට විදුලි බලයෙන් හෝ ගෑස් බලයෙන් මෙම ගල් කැපීම් සිදු කරන්නට ඇති බවයි.නමුත් අදටත් ඔවුන්ට විදුලි බලය හෝ ගෑස් බලය තිබුණු බවට සාධක හමුවී නැහැ. දෑතින් මෙවැනි විශාල ගල් කුට්ටි කපා මෙවන් පිරමීඩ ඉදි කිරීමට කෙතරම් කාලයක් ගතවේවිද?ඒ නිසා මේ ගල් කුට්ටි කපා ගැනීමට ඔවුන් සතුව කුමන හෝ තාක්ෂණයක් පවතින්නට තිබෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි.කෙසේ නමුත් විද්‍යාඥයන් කළ පරීක්ෂණවලදී ඔවුන්ගේ උකුසු නෙත්වලට ඇතැම් ගල් කුට්ටිවල කියතක් වැනි උපකරණයකින් ඇතිවූ සලකුණු දැක ගන්නට ලැබී තිබෙනවා.ඒ කියන්නේ ඔවුන් මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ඉතාමත් මුවහත් කියතක් වැනි ආයුධයක්ද?ඇත්තටම ඒක නම් හිතාගන්න බැරි දෙයක්.කියතක් වැනි ආයුධයකින් මෙතරම් විශාල ගල් කුට්ටි කපන්න පුළුවන්ද?විද්‍යාඥයන් පවසන ආකාරයට නම් මේක කියතකට වඩා ලේසර් එකක් ලෙස සඳහන් කිරීම වඩාත් නිවැරදියි.
එය එසේ නම් එවන් අතීතයක ඔවුන් මෙවන් උපකරණයක් නිර්මාණය කළේ කෙසේ?ඒ වගේම විද්‍යාඥයන් කියන විදිහට මේක කිසිසේත්ම අතින් නිර්මාණය කළ කියතකුත් නෙවෙයි නම් මෙය කෙසේ නිර්මාණය කරන ලද්දක්ද?කාගේ නිර්මාණයක්ද?මේ අයුරින් ඉතාම නිවැරදිව සහ සරල රේඛීයව ගල් කුට්ටියක් කැපීම සාමාන්‍ය තාක්ෂණයකින් කිසිසේත්ම සිදු කළ නොහැකි නිසා එම මතය නම් පිළිගත හැකියි.කෙසේ වෙතත් ඉතිහාසය බොහෝ සත්‍ය කරුණු වසන් කරගෙන සිටින නිසා වර්තමාන ලෝකයා තවමත් මෙවන් පැනයන් ඉදිරියේ නිරුත්තර බව නම් පැහැදිලියි.
දැඩිගම ඇත් පහනේ විස්මිත තාක්ෂණය :-
සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම සුවහසක් දැනුම් සම්භාරයක් පොදිබැඳගත් ශ්‍රී ලාංකිකයාගේ තවත් සුවිශේෂී නිර්මාණයක් ලෙස දැඩිගම ඇත් පහන හඳුන්වා දිය හැකියි.මෙය ලෝහ විද්‍යාව සහ භෞතික විද්‍යාව පමණක් නොව ද්‍රව විද්‍යාව පිළිබඳව පවා වූ හසල දැනුම පදනම් කරගෙන නිර්මාණය වුණු ලංකාවේ ඉතාමත් පැරණි නිර්මාණයක්. මෙහි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පහණකට වඩා මදක් සංකීර්ණයි.
මෙහිදී තෙල් පුරවන්නේ ඇතාගේ උදර කුහරයටයි.ඒ සඳහා ඇතාගේ දකුණු පාදය ඇතුළතින් උදර කුහරයට විවෘත වන නලයක් සිහින්ව ඇත් රූපයටම වාත්තු කර තිබෙනවා.මේ ආකාරයට ඇත් රූපය උඩුකුරුකොට පාදයේ ඇති නළය ඔස්සේ තෙල් පුරවා වෘත්තාකාර පහන් තැටිය මත රඳවනවා. දැන් ඔබට හිතේවි මේ ආකාරයට රැඳවූ පසුව ඇතාගේ උදරයට පිරවූ තෙල් සියල්ල නැවත වෘත්තාකාර පහන් තැටියට වැටේවි කියලා.නමුත් කිසිසේත්ම එසේ වන්නේ නම් නැහැ.
වෘතාකාර තැටියට තෙල් වෑස්සීම සිදු වන්නේ ඇතාගේ ලිංගය හරහායි.පාදයේ ඇති සිරුරේ විවරය දක්වා තෙල් වෑස්සෙන විට පොල්තෙල්වලිනම එම සිදුරු වැසී යන නිසා පහන් තැටියට ස්වයංක්‍රීයව තෙල්ගලා ඒම නවතිනවා.මෙනිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු වන්නේ නැහැ.ඒ වගේම මෙහි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පහන්තිර යොදා ආලෝකය ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා.තෙල් අඩු වනවිට නැවතත් ස්වයංක්‍රීයව පාදයේ තිබෙන සිදුර විවෘත වී තෙල් ගලා ඒම සිදු වෙනවා.ලංකාවේ පැරැන්නන් සුද්දා වැද්දා කාලේ අහසින් ගියා යැයි පැවසෙන කරුණ සනාථ කරමින් බටහිර ජාතීන් භෞතික විද්‍යාව සොයා ගැනීමටත් පෙර ශ්‍රී ලංකාවේ පැරැන්නෝ භෞතික විද්‍යාවෙන් වැඩ ගත් ආකාරය මෙයින් මනාවට පැහැදිලි වනවා.
සැබැවින්ම ලෝකයා නිහඬ කළ මෙවන් නිර්මාණ කළේ කවුද?අදටත් අවබෝධ කර ගැනීමට පවා අපහසු දැනුම් සම්භාරය ඔවුන්ට ලැබුණේ කෙසේද?ඉතිහාසය නම් රසබර ගබඩාව තුළ සැඟවුණු ඒ දැනුම් සම්භාරය කවදා නම් වර්තමාන ලෝකයාට ලැබේවිද?

No comments:
Post a Comment