වයස් භේදයකින් තොරව අපි කවුරුත් කැමති නිතැතින්ම සිත ඇදී යන මාතෘකාවක් තමයි කතන්දර කියන්නේ.එකෝමත් එක කාලෙකින් පටන් අරන් විසිඑක් වැනි ශතවර්ෂයේ අගභාගය දක්වාම දිවෙන කතන්දර තුළින් අපට අහන්න ලැබුණු මන:කල්පිත සතුන් , මිත්‍යා සතුන් බොහොමයි.ඒ අතර වසර මිලියන ගණනාවකට පෙර පෘථිවියේ ජීවත් වූ බවට සනාථ වූ සතුන් සේම පැරණි මූලාශ්‍ර,ජනවහර තුළින් පැවත එන සතුන්ද බොහොමයි.
කතා කරන සත්තු,ගිනි පිඹින මකරු අතරේ වසර 1500ට වඩා පැරණි ඉතිහාසයක සිට ස්කොට්ලන්තයේ ලොච්නෙස් විලෙන් වාර්තා වන "නෙසී" කියලා අමුතු සත්වයෙක් ගැනත් කියවෙනවා."ලොච්නෙස් මොන්ස්ටර්" නැත්නම් කාටූන් චිත්‍රපටවලින් අප හඳුනා ගත් දිය තුරඟා එදා සිට අද දක්වාම මිනිසුන් අතර නොවෙනස් කුතුහලයක් රඳවා තබා ගැනීමට සමත් වෙලා තිබෙනවා.තවමත් නොවිසඳුණු අබිරහස් ගණනාවක් සඟවා ගත් ස්කොට්ලන්තයේ තිබෙන කිලෝමීටර් 03ක් පමණ පළල , මීටර් 240ක් පමණ ගැඹුරු විලක් තමයි ලොච්නෙස් කියන්නේ.වාර්තා වන ආකාරයට විශාල කඳු ගණනාවකට මැදිව පිහිටි මේ විල කෙතරම් ශීත කාල පැමිණියත් මිදෙන්නේ නැති බවටත් වාර්තා වනවා.නෙසී ඉන්නේ මෙන්න මේ කියන අරුම පුදුම විලේ කියලයි සඳහන් වෙන්නේ.
ඉතිහාසයේ සිට මේ දක්වා වාර්තා වන තොරතුරුවලට අනුව නෙසී කියන්නේ දිගු බෙල්ලක් සහි, පාද වෙනුවට පිහිනීම පහසු කරන අවල්පත් හතරක් සහිත අලියෙක්ටත් වඩා පහළොස් ගුණයක් පමණ විශාල බවට පැවසෙන කොළ පැහැයට හුරු යෝධ සත්වයෙක්.හැබැයි මේ සත්වයා කටකතාවලට පමණක් සීමා වුණු කෙනෙක් නම් නොවේ.ඉතිහාස මූලාශ්‍ර , ජනප්‍රවාදයන්වල සිට ඡායාරූප , වීඩියෝ දර්ශන වගේම සෝනාර් වගේ වර්තමානයේ ක්‍රියාත්මක වන අධි තාක්ෂණික උපකරණවලට පවා හසු වුණු නමුත් තවමත් අභිරහසක්ව පවතින සත්වයෙක්.
බැලූ බැල්මට විශ්වාස කළ නොහැකි දෙයක් ලෙස පෙනුනත් දිනෙන් දින නැතණත් දිනෙන් දින නැතිව ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉහළ යනවා ඒ අතර හාරදහසකට අධික පිරිසක් මෙම තත්ත්වය දුටු බවට වාර්තා කොට තිබෙනවා.නෙසී පිළිබඳව මුල්ම ලිඛිත මූලාශ්‍රය හමුවන්නේ ක්‍රි:ව: 565දී තරම් ඈත අතීතයේදීයි.මෙසේ ඈත අතීතයදී තම පැවැත්ම පිළිබඳව සාක්ෂි සපයන නෙසී ඉන් නොනැවතී වර්තමාන කාලයට පවා තම පැවැත්ම පිළිබඳව ඉඟි පල කරනවා.
2018 වසරේ දෙසැම්බර් මාසයේ සැඳෑවක සුපුරුදු විදිහට තමන්ගේ සුනඛයන් දෙදෙනාත් සමඟ ලොච්නෙස් විලේ ඉවුරේ කාලය ගත කිරීමට ගිය "රිකී ෆිලිප්" නම් විශ්‍රාමික හමුදා නිලධාරියාට නිසල විල් ජාලය තුළ අසාමාන්‍ය කැලඹීමක් නිරීක්ෂණය වනවා.කිසි ලෙසකින් සාමාන්‍ය නොවූ ඒ අසාමාන්‍ය කැළඹීමත් සමඟ මේ විලේ සිටින බව පැවසෙන නෙසී පිළිබඳව සිහියට නැගෙන නිසා ඔහු දිගින් දිගටම කැළඹීම සිදු වූ ස්ථානය ඡායාරූපයට නගා තිබෙනවා.අපහැදිලි නමුත් නෙසීගේ ඡායාරූපයක් ලබා ගැනීමට රිකී මෙහිදී සමත් වනවා.මේ ඡායාරූප නිරීක්ෂණය කරන විද්‍යාඥයන් ඇතැම්විට මේවා නෙසී නම් පුරාවෘත්ත සත්වයාගේ ජීවමාන සාක්ෂිය විය හැකි බවට මත පළ කර තිබෙනවා.2021 වසරේදී නීතියට පටහැනිව නමුත් යම් පිරිසක් විසින් මේ ස්ථානයේ සවි කළ වෙබ් කැමරා මගින් නෙසීගේ ඡායාරූප 10ක්ම ලබා ගැනීමට හැකි වෙනවා.ඡායාරූපවලට අමතරව රූපරාමු ආකාරයටත් සාක්ෂි සපයන නෙසී සැබෑවටම මේ විල පතුලේ ජීවත් වනවාද?
කෙසේ වෙතත් 1933 වසරේදී ලොච්නෙස් ඉවුර දිගේ නව මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කිරීමත් සමඟ නෙසී පිළිබඳව තොරතුරු රැසක් ගලාගෙන එනවා.මෙම වසරේ අප්‍රේල් මාසයේ දිනක සවස් යාමයේ එක්තරා විවාහක යුවළක් මෙම විල ආසන්නයෙන් තම නිවස බලා ගමන් කරමින් සිටින අතරතුර අනපේක්ෂිත ලෙස දැවැන්ත සත්වයෙක් විල් ජලයේ පිහිනමින් සිටිනු දක්නට ලැබෙනවා.මෙම සිදුවීම ඔවුන් දුටු මායාවක් ලෙස බැහැර කිරීමට හැකි වුවත් සිදුවීමෙන් දින කිහිපයකට පසු විල අසල සටහන්ව තිබූ විශාල පා සටහන් එම සිදුවීම සත්‍ය බවට සාක්ෂි සපයනවා.
දිනෙන් දිනම ඇසින් දුටු සාක්ෂිකරුවන් වැඩි වන නෙසීගේ ඡායාරූපයක් 1934 වසරේදී ලන්ඩන් ඩේලිමේල් පුවත්පතේ පළවීමත් සමග බොහෝ දෙනා මේ ලොච්නෙස් විලේ ජීවත් වන නෙසී පිළිබඳව විශ්වාස කිරීමට පටන් ගන්නවා.ජලයෙන් උඩට මතුවුණු දිග ගෙලක් සහිත මෙම සත්ව ඡායාරූපය ඩේලිමේල් පුවත්පත ලබාදී තිබුණේ ලන්ඩනයේ ජීවත්වන "කෙනත් විල්සන්" නම් වෛද්‍යවරයා විසිනුයි.කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා ප්‍රබල සාක්ෂියක්ව තිබූ මෙම කළු සුදු ඡායාරූපය නෙසීගේ අනුරුවක් බවත් සත්‍ය ඡායාරූපයක් නොවන බවත් 1994 වසරේදී තහවුරු වනවා.
වසර ගණනාවක් පුරා සත්‍ය අසත්‍ය මත දෝලනය වන ඡායාරූප , ජනප්‍රවාද , මිත්‍යාමත ආදියෙන් මිදී නෙසී විද්‍යාත්මක පදනමකින් නෙසී පිළිබඳව සොයා බැලීමට පෙළඹීමක් ඇති කරවන ආකාරය ග්‍රන්ථයක් මේ අතරවාරයේ කරලියට පැමිණෙනවා.1950 වසරේදී මේ සිදුවීම් සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිවල වාර්තා එක්රැස් කොට ස්කොට්ජාතික වෛද්‍යවරියක් වන "කොන්ස්ටන්ස් වයිට්" 1957 වසරේදී එම සාක්ෂිවලට අදාල රූපසටහන්ද ඇතුළත්කොට "More Than a Legend" නම් කෘතිය ප්‍රකාශයට පත් කිරීම මඟින් අලුත් පරම්පරාවට ලොච්නෙස් පිළිබඳව තවදුරටත් සොයා බැලීමට ආරාධනා කරනවා.මෙහි ප්‍රතිඵලයක් ලෙස 1960දී ලොච්නෙස් වෙත පැමිණෙන "ටිම් ඩින්ස්ඩේල්" තමන්ගේ ඉංජිනේරු රැකියාව පවා හැර දමා පැමිණ මෙම සත්වයා පිළිබඳව අධ්‍යන කටයුතුවල නිරත වනවා.මේ සියලු තොරතුරුවල දිගින් දිගටම වාර්තා වන ඇසින් දුටු සාක්ෂිවල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල කිහිපයක්ද ඇතුළත් කණ්ඩායම් 04ක් වෙනම පරීක්ෂණ ආරම්භ කිරීමටත් කටයුතු කරනවා.
මෙහි පරීක්ෂණයන් තුනක් ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් සහ බර්මින්හැම් විශ්වවිද්‍යාල මගින් සිදු කරනවා.BBC ආයතනයේ අනුග්‍රහයෙන් සෝනාර් උපකරණ 600ක් සහ චන්ද්‍රිකා තාක්ෂණය පවා යොදා ගනිමින් අනෙක් පරීක්ෂණය සිදු කරනවා.තාක්ෂණය සහ දැනුම අතින් ඉදිරියෙන් සිටින මෙම කණ්ඩායම් කැමරාවලින් ඡායාරූප ගැනීම , දුරදක්න මගින් ජල තලය නිරීක්ෂණය කිරීම වැනි සාමාන්‍ය විශ්ලේෂණයන්වලට සීමා නොවී සෝනාර් ආදී දියුණු තාක්ෂණයන් යොදා ගැනීමටත් ශබ්ද මගින් ජලාශය ඇතුලත පරිසරය නිරීක්ෂණය කිරීමටත් කටයුතු කරනවා. දියුණු තාක්ෂණය , ශිල්පීය ඥානය ආදිය යොදා ගැනුනත් ගැඹුරු ජලය තුළ චලනය වන විශාල වස්තූන්වල සංකේත හැර නිශ්චිත නිගමනයකට එළඹීමට හැකි තොරතුරක් සොයා ගැනීමට ඔවුන්ද අසමත්ව තිබෙනවා.
කෙසේ වෙතත් තම උත්සාහය අත්නොහරින බොස්ටන් සරසවිය නෙසී පිළිබඳ ගවේෂණ මාලාවක් සිදු කිරීම ආරම්භ කරනවා.මෙහිදී භෞතික විද්‍යාඥයකු වන රොබට් trine ගේ අධීක්ෂණය යටතේ පළමු වතාවට සුවවන තාක්ෂණයත් දිය යටදී ඡායාරූප ලබාගැනීම තාක්ෂණයක් යන ක්‍රම දෙකම එකවර භාවිත කර තිබෙනවා ඔවුන් විසින් සෑම තප්පර හතළිස් පහකට වරක් ම ජලය තුළ ඡායාරූප ගත හැකි පද්ධතියක් ස්ථාපනය කළ අතර ගොවිජන මාව තවත් සාර්ථක මගකට යොමු කරමින් දිය යට එහා මෙහා ගමන් කරන විශාල වස්තුවක දත්ත සටහන් වනවා.මහඑලිය ලබාගත් ඡායාරූප පරිගණකය මගින් වැඩි දියුණු කිරීමෙන් දිය වැට ගමන් කර ඇත්තේ විශාල ශරීරයක් සහ අවල්පත් සහිත ජලය සත්වයකු බවත් බවත් තහවුරු වී තිබෙනවා.එම ඡායාරූප නිරීක්ෂණය කරන ඡායාරූප විශේෂඥයන් පවා නිතැනිත්ම එහි සටහන්ව තිබෙන්නේ සත්වයකු බව තහවුරු කලත් ඇතැම් පිරිස් එම මතයන් ප්‍රතික්ෂේප කරනවා.
කොහොම වුණත් ලොච්නෙස් විලේ නෙසී වගේම බ්‍රිටිෂ් කොලොම්බියාවේ ඕකනෝගන් විලේ ඕකපෝගන් රාක්ෂයා , රුසියාවේ බ්‍රොන්ස්නා ආදී අද්භූත සතුන් පිළිබඳවත් ලෝකයේ විවිධ ස්ථානවලින් තොරතුරු අසන්නට ලැබෙනවා.උතුරු අර්ධ ගෝලයේ උතුරට අංශක 40-60 දක්වා ඇති අක්ෂාංශ රේඛා ලෝක සිතියමක් හරහා සැලසුම් කළහොත් ප්‍රසිද්ධ විල් රාක්ෂයන් සම්බන්ධ සියළු කතා මේ කොටසට ඇතුලත් වීම නිතැතින්ම ඔබ මවිත කරාවි.නමුත් සැබැවින්ම සත්‍යය එයයි.මෙම ප්‍රභල සාක්ෂිය හරහා විද්වතුන් සොයාගෙන ඇති ආකාරයට මේ විල් සියල්ලම එකිනෙකට සමානයි.ඒවා සියල්ලම දිගින් වැඩි , පටු වගේම ගැඹුරුයි.මෙවන් කාරණා නිසාම මේ අක්ෂාංශවල ඇතැම් ප්‍රදේශ අතීතයේ වඳවී ගිය බවට සැලකෙන ජීවීන්ගේ පැවැත්මට තවමත් ඉඩ සලසන බවට පරීක්ෂකයන් විශ්වාසය පළ කරනවා.
ඇත්තටම මේ වගේ සත්වයෙක් ලොච්නෙස් විලේ සිටිනවාද?එහෙමත් නැත්නම් මේ හැම දෙයක්ම ඩේලිමේල් පුවත්පතේ පළවුණ ඡායාරූපය වගේ රැවටීමක්ද?ස්කොට්ලන්තයේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ආයතනය විසින් නෙසීව ආරක්ෂා කිරීමට නීති සංග්‍රහයක් පවා පනවා තිබෙනවා.එයට අනුව යම් කිසි පුද්ගලයකු නෙසීව අල්ලා ගතහොත් D.N.A සාම්පලයක් පමණක් ලබාගෙන නැවත ඔහු විලට මුදා හැරිය යුතු බවට සඳහන් වනවා.එවන් සත්වයකු නොමැතිනම් ඔවුන් මෙවැනි නීති සංග්‍රහයක් හඳුන්වා දේවිද?වර්තමානය වනවිටත් ඇසින් දුටු බවට සාක්ෂි වාර්තා වන නෙසී අනාගතයටත් අබිරහසක් පමණක්ම වේවිද?

No comments:
Post a Comment