අප ජීවත් වන ලෝකය ගත්තම අපි වගේම තවත් ජීවීන් වර්ග විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා.මිනිසා කියන්නේ ඒ ජීවීන් අතර තවත් එක් ජීවියෙක් විතරයි.ඇසට පෙනෙන , නොපෙනෙන , වඳ වුණා යැයි විශ්වාස කරන අතොරක් නැති ජීවීන් අතර හඳුනා නොගත් ජීවීන් කොතරම් නම් ඇත්ද?නිතර දකින්න නොලැබුණත් මේ වගේ සුවිශේෂී ජීවී කොට්ඨාස ලෝකයේ කොතෙකුත් ජීවත්ව ඉන්න පුළුවන්.අන්න ඒ වගේ ජීවීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා වුණු විශේෂ ගම්මානත් මේ ලෝකය තුළ තිබෙනවා.
දකුණු කැරොලයිනාහි තිබෙන "බිෂොප්විල්" කියන්නෙත් අන්න ඒ වගේ කුඩා ගම්මානයක්.අවුරුදු ගණනාවක් තිස්සේ උරගයකුගේ ස්වරූපයක් සහිත මිනිසකු මේ ගමේ ජනතාව භීතියට පත් කරනවා කියලා කටකතාවක් පැතිරිලා යනවා.මේක සිතාගන්නවත් බැරි අතිශය ගුප්ත දෙයක් නිසා මානවරූපී උරගයන් අපිත් එක්කම අප අතරම ජීවත් වෙනවාද කියන ප්‍රශ්නය මිනිස්සුන්ට තදින් දැනෙන්න පටන් ගන්නවා.
අපි කවුරුත් අසා ඇති විදිහට රෙප්ටීලියන් කියන ජීවීන් තමයි මේ මානවරූපී උරගයන් කියලා හඳුන්වන්නේ.මේ සත්ත්ව විශේෂය පෘතුවියේ අප අතරම වෙස් වළාගෙන ජීවත් වන බවට දැඩි මතයක් මේ වන විටත් ලොව පුරා මිනිසුන් අතර ඇති වෙලා තිබෙනවා.විවිධ පරීක්ෂකයන් සහ විද්වත් පුද්ගලයන් විසින් මෙම උරග මිනිසුන් පිළිබඳව ඉදිරිපත් කරන ලද මතිමතාන්තර රාශියක් අපට හඳුනාගත හැකියි.ඒ අතර ඔවුන් ඩයිනෝසරයන්ගෙන් පරිනාමය වූ බව , ඇල්ෆා ඩ්‍රෙකෝනිස් තරු පන්තියකින් පැමිණි බව වගේම මොවුන් මිනිසුන්ගේ ආහාරවලට විවිධ දේවල් එක්කොට මනස විකෘති කරන බවටත් ලෝකයේ ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන් ලෙස වෙස්වළාගෙන ජීවත් වන බවටත් මත පලවෙනවා.මිනිසුන් අතර වෙස්වළාගෙන ජීවත් වුණත් ඇතැම් අවස්ථාවල මොවුන්ට තමන්ගේ සැබෑ ස්වරූපය පිටතට පැමිණීම පාලනය කරගන්න නොහැකි වී තිබෙනවා.එවන් දුර්ලභ අවස්ථා කැමරා කාචවල සටහන්ව තිබුණත් ඒවාගේ සත්‍ය අසත්‍යතාව නම් මේ වනතෙක්ම තහවුරු වී නැහැ.කෙසේ වෙතත් 1988 ගිම්හාන කාලයේ බිෂොප්විල්වල එක්තරා අමුතු සිදුවීමක් සිදු වෙනවා."Liston Truesdale" කියන්නේ මේ ගමේ හිටපු නගරාධිපතිවරයා වගේම මේ ගමේ හිටපු පොලිස්පතිවරයෙක්.මේ සිදුවීම සිදු වූ දිනයේ ඔහු තමන්ගේ රාජකාරි කටයුතුවල නිරත වෙලා සිටිද්දී මහ රෑ ඔහුට එක්තරා ඇමතුමක් ලැබෙනවා. අමුතු වෙලාවක වෙලාවක ආව මේ ඇමතුමෙන් හැම ජීවිතේ තමන් කිසිම දවසක බලාපොරොත්තු නොවුන විදිහේ පැමිණිල්ලක් අසන්නට ලැබෙනවා.
මේ ඇමතුමෙන් කියවුණේ අසාමාන්‍ය විදිහට මෝටර් රථවලට කරපු විශාල හානි කිරීම ගැනයි. ඒ වගේම දිගින් දිගටම මේවගේ පැමිණිලි වාර්තා වෙන්නත් පටන් ගන්නවා. කවුරුහරි සූරලා විනාස කරලා දාලා තිබෙන ආකාරයක් තමයි මේ වාහන දිහා බැලූ බැල්මට පෙන්නේ තිබිලා තියෙන්නේ. ඒ නිසාම ලිස්ටන් හිතන්නේ මේක බොහෝවිට සර්කස් එකකින් පැනලා ආව සතෙකුගේ එහෙමත් නැත්නම් කාගේහරි සුරතලෙක් කරපු දෙයක් කියලයි.නමුත් මෙතරම් දරුණු හානියක් එහෙම සතෙක්ට කරන්න පුලුවන්ද?
නිවැරදි හෝඩුවාවක් නැතිව ගෙවුණු දින කිහිපයකට පස්සේ ලිස්ටන්ට එක්තරා පැමිණිල්ලක් ලැබෙනවා.මේ පැමිණිල්ල කරන්නේ ක්‍රිස් ඩේවිස් කියලා අවුරුදු 17ක පමණ පාසල් ශිෂ්‍යයෙක්.ඒ දවසේ රාත්‍රියේ ක්‍රිස් යම් කටයුත්තකට තමන්ගේ මෝටර් රථයක් පදවාගෙන ආසන්නයෙන් පිහිටි නගරයට යන්නට පිටත් වෙනවා.කැලෑවක් මැදින් වැටුණු මේ පාරේ යන අතර මගදී ක්‍රිස්ගේ වාහනයේ සුළු කාර්මික දෝෂයක් ඇති වන නිසා ඔහු ඉක්මනින්ම වාහනය පාර අයිනට කරලා නවත්තනවා.වාහනයෙන් බැහැලා ඒක හදාගෙන යන්න සූදානම් වන විට ක්‍රිස්ට කැළෑවෙන් අමුතු සද්දයක් ඇහෙනවා.මේ ශබ්දයෙන් කලබලයට පත්වන ක්‍රිස් අතේ තිබෙන විදුලි පන්දම හැමතැනටම යොමු කරමින් කවුරුත් ඉන්නවාද කියලා නිරීක්ෂණය කරනවා.එහෙම බලද්දී හදිසියේම විදුලි පන්දමේ එළිය ගහකට එල්ල වෙනවා. එතකොට ක්‍රිස් දකිනවා එක්තරා අමුතු සතෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා.
මේ සිදුවීමෙන් කලබල වන ක්‍රිස්ට එකවරම වරම කෑගැස්සෙනවා.ඒත් එක්කම මේ අමුතු ජීවියා මෙයා ඉන්න දිහාට දුවගෙන එන්න පටන් ගත්ත නිසා ඉක්මනින් වාහනයට නැග ගත් ඔහු ඉතාමත් වේගයෙන් වාහනය පදවනවා.ඒත් එකපාරටම විශාල ශබ්දයකුත් සමඟ මේ ජීවියා වාහනයට පැන්නා බව ක්‍රිස්ට හොඳටම දැනෙනවා.මෙයින් අතිශය භීතියට පත්වන ක්‍රිස් සත්වයා වියරුවෙන් මෙන් හැසිරෙද්දී සිග්සැග් ආකාරයට ඉතම සූක්ෂමව වාහනය පදවා තිබෙනවා.කොහොම වුණත් නගරයට ආසන්න වෙද්දී මේ සතා ක්‍රිස්ව අතහැරලා තිබෙනවා.තමන්ගේ වාහනයත් පදවාගෙන ඒ අවස්ථාවෙම පොලිසියට ගිහින් පැමිණිලි කලත් පොලිසිය ඔහුගේ කතාව විශ්වාස කරන්නේ නැහැ.ඒ නිසාම ඔහුගේ කැමැත්ත ඇතිව පොලිසිය ඔහුට "ලයි ඩිටෙක්ටර්" පරීක්ෂණයක් සිදු කරනවා.ක්‍රිස් පවසන්නේ සම්පූර්ණයෙන්ම ඇත්තක් කියලා මේ පරීක්ෂණය මගිනුත් තහවුරු වෙලා තිබෙනවා.
මේ සිදුවීමෙන් පසු බොහෝ පිරිස් ජීවියා දුටු බවටත් එම සත්වයාගේ ප්‍රහාරයට ලක්වූ බවටත් පවසන්නට පටන් ගන්නවා.ඇසින් දුටු සාක්ෂි රාශියක් තිබුනත් ඒ කාලේ ස්මාට් ෆෝන් වගේ දේවල් සුලභව නොතිබුණු නිසාත් තිබුණු දුරකථනවල වීඩියෝ කිරීමේ පහසුකම් නොතිබුණු නිසාත් කාටවත්ම මේ සිදුවීම වීඩියෝගත කර ගැනීමට නම් ලැබිලා නැහැ.මේ ගමේ සිටි "Frank Mitchell" නම් ගුවන් නියමුවෙක් තම ගුවන් යානය පදවමින් කැලෑවට ඉහළින් පියාසර කරන අතරතුර අමුතු ජීවියෙක් එළිමහනේ සිට කැලෑව තුළට පිවිසෙන ආකාරය දැක තිබෙනවා.ඔහු විස්තර කරන ආකාරයට මේ ජීවියා මනුස්සයෙක් වගේ වුණත් ඊට වඩා උසින් වැඩියි.ශරීරයේ කොරපොතු මෙන් ම වලිගයක් තිබුණු මේ සතා අඩි හතක් පමණ විතර උසකින් යුතු වෙලා තිබෙනවා.ඔහු කියන ආකාරයට මේ සත්වයා තමන් මීට කලින් කවදාවත් දැකලා නැති උරගයෙක්ට වගේම මනුස්සයෙක්ටත් සමානකම් තිබෙන හරිම අමුතු ජීවියෙක්.
ජෝන් රෝස් කියන ගවේෂකයාට අනුව මේ ඉන්නේ මීට කලින් පෘථිවියේ ජීවත් වුණු ඩයිනෝසරයන්ගෙන් පැවත එන ජීවියෙක්.කැනඩාවේ පරීක්ෂණ පවත්වමින් පොසිල පිළිබඳ අධ්‍යයනය කරන ශ්‍රේෂ්ඨ විද්වතෙක් වන ඩේල් රසල්ට අනුව ලෝකයේ මීට වසර ගණනාවකට ඉහතදී සිදුවුණ මහා වඳවී යාමෙන් ඉතිරි වුණ ටෘඩෝන් වර්ගයට අයත් සත්වයෙක් මිනිස් වර්ගයට පරිණාමය වීමක්.කැනඩාවේ ඩෙල් හවුසි විශ්වවිද්‍යාලයේ පාරිසරික සහ විස රසායන පිළිබඳ මහාචාර්යවරියක් වන ෂැනන් බාට්ට අනුව මෙය විස රසායන හේතුවෙන් සිදුවුණු ජාන විකෘතිතාවයක්.තවත් පිරිසකට අනුව මෙය සංචාරක ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් ගොඩනගන ලද බොරු කතාවක්.ඇත්තටම කිව්වොත් මේක එක්තරා විදිහක සංචාරක තෝතැන්නක් වෙලා ඉවරයි.ඒ නිසාම මේක සංචාරක කර්මාන්තය වෙනුවෙන් සාමූහිකව කරපු විශාල මුළා කිරීමක් කියලයි ඔහු පවසන්නේ.ඒක සනාථ කරන්න ඔහු වාහනයක් ගෙනත් ඒක සතා පහර දීලා හානි කළා කියන ආකාරයටම බොහොම සාර්ථකව අලාබහානි කරලත් පෙන්වනවා.
කොහොම වුණත් ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරය නම් දැන් අති සාර්ථක මට්ටමක තිබෙනවා.ඉතින් ඇත්තටම මෙහෙම ජීවියෙක් ඉන්න පුලුවන්?ඉන්නවනම් ඒ කොහේද?ඔය ජීවියා ඩයිනෝසරයන්ගෙන් පරිනාමය වුණු සතෙක්ද?එහෙමත් නැත්නම් විස රසායනික නිසා විකෘති වුණු සාමාන්‍ය උරගයෙක්ද?ඒ එකක්වත් නොවේ නම් විදෙස් මාධ්‍ය කළඹපු මේ සිදුවීම තමන්ගේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න හිතාගෙන බිෂොප්විල් වැසියෝ කරපු සාමූහික මුළා කිරීමක්ද?

No comments:
Post a Comment