ලෝකයේ බොහොම අත්භූත දේවල් සිදුවෙන බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ හැමෝම දන්න කියන ස්ථානයක්නේ.නමුත් මේ වගේම ගුවන්යානා අතුරුදහන් වන තවත් අබිරහසක් ස්ථානයක් තිබෙනවා කියලා ඇතැම්විට ඔබ නොදන්නවා වන්නට පුළුවන්.අද අපි මේ කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගොඩබිම ප්‍රදේශයේ තිබෙන එවන් අද්භූත ස්ථානයක් පිළිබඳවයි.
ඇමරිකා එක්සත් ජනපදයට අයත් මෙම ත්‍රිකෝණය " Reno , Fresno සහ Lasvegas " නගර 03 මැදිව පිහිටනවා.මෙය අපි හිතන තරම් කුඩා බිම්කඩක් නම් නෙවෙයි.වර්ග හැතැප්ම 25,000ක් එහෙමත් නැත්නම් ලංකාවට සමාන භූමි ප්‍රමාණයක විසිරිලා තිබෙන මෙය " Nevada Triangle " නැත්නම් " නෙවාඩා ත්‍රිකෝණය " නමින් හඳුන්වනවා.පහසුවෙන් ළඟාවිය නොහැකි මෙම භූමි ප්‍රදේශය 1912 වසරේ දී සම්පූර්ණයෙන්ම ගවේෂණය කොට හමාර කර තිබෙනවා.සියරන් නෙවාඩා කියන කඳු පන්තිය තමයි මේ භූමිය පුරාම විසිරිලා තිබෙන්නේ.වාර්තාවන ආකාරයට මෙම ප්‍රදේශය කඳුමුදුන් රාශියකින් සමන්විතයි.ඒ වගේම ඒවායින් උසම කඳු මුදුන්වල ග්ලැසියර පවා තිබෙන බවට සඳහන් වෙනවා.ගෙවී ගිය වසර 60ක කාලය තුළ මෙම ප්‍රදේශයේ දී ගුවන් යානා 200ක් පමණ කිසිම හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබෙනවා.1942 වසරේ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් යුත් පුහුණු පියාසරියක් සඳහා පිටත් වූ ගුවන් යානයක් මෙම ප්‍රදේශයේ දී අතුරුදන් වෙනවා.මේ කාලය වන විට නෙවාඩා ත්‍රිකෝණය පිළිබඳව එතරම් ප්‍රසිද්ධියක් ලැබී තිබුනෙත් නැහැ.කෙසේවෙතත් යානය නැවත පැමිණිය යුතු නියමිත වේලාවට ආපසු නොපැමිණීම නිසා බලධාරීන් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා.නමුත් මෙම කාන්තාරික කඳුකර ප්‍රදේශය තුළ ඔවුන්ගේ එම සොයාබැලීම් කටයුතු පහසුවන්නේ නම් නැහැ.කොහොම වුණත් මේ අතුරුදන් වීමෙන් පසුව තවත් ගුවන් යානා කීපයක්ම අතුරුදන් වුණත් ඒ කිසිවක් පිළිබඳව කුඩා හෝ සාක්ෂියක් හොයා ගැනීමට කිසිවකුත් සමත් වන්නේ නැහැ.
කිසිදු හෝඩුවාවක් නොලැබුනත් 1947 වසරේ සිදුවූ ලෝක ප්‍රසිද්ධ රොස්වෙල් සිදුවීම නිසා මේ සියලුම අතුරුදන් වීම්වලට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවට බොහෝදෙනා විශ්වාස කිරීමට පටන් ගන්නවා.මෙම අතුරුදන්වීම්වලට පිටසක්වල ජීවීන් සම්බන්ධ බවට කිසිඳු තොරතුරක් නොමැති වුවත් එවකට ඇමරිකානුවන් තුළ පිටසක්වල ජීවීන් සම්බන්ධව තිබූ උනන්දුව සහ ඇතැම් පිරිස් දුටු බවට සඳහන් කළ ගෝලාකාර වස්‍රතුවක් මෙම මතයන් ඇතිවීමට බලපා තිබෙනවා.කෙසේ වෙතත් ඔවුන් එසේ දැක තිබෙන්නේ කාලගුණ බැලුනයක් බවට පසුව තහවුරු වුණත් ඔවුන් ඒ කිසිවක් පිළිගන්නේ නම් නැහැ.
ඒ වගේම 1955දී සුප්‍රසිද්ධ ඒරියා 51 නෙවාඩා ත්‍රිකෝණයට ආසන්න ප්‍රදේශයේ ඉදි කිරීම සහ ඒ ආසන්නයේ ජීවත් වූ ජනතාව ඉවත් කිරීමත් සමඟ නැවතත් මේ පිළිබඳ ලෝකයේ අවධානය යොමු වනවා.කොහොම වුණත් අද වන විටත් ඒරියා 51 තුළ සිදු වන සිදුවීම් සම්බන්ධව ලෝකය තුළම පවතින්නේ විශාල කුතුහලයක්.
කාලයත් සමග මෙම ප්‍රදේශයේ දී අතුරුදන් වන ගුවන් යානා සංඛ්‍යාව අඩු වීමත් සමඟ මෙම ප්‍රදේශය පිළිබඳව තිබෙන අවධානය සහ අභිරහස් බව කෙමෙන් වියැකී යනවා.නමුත් නෙවාඩා කඳුකරයේ කඳු නැගීමට ගිය පුද්ගලයෙකුගෙන් ලැබෙන විශේෂ තොරතුරක් මත එම සියලු නිහඬතාවයන් බිඳී යනවා.මෙම සංචාරකයාට කඳුවැටියේ තිබී ගුවන් යානයක කොටසක් හමුවනවා.එම ප්‍රදේශයේ ග්ලැසියරයක තිබුණ මෙම ගුවන් යානා කොටස සෑම වසරකම සිදුවන සෘතු මාරුවත් සමග දියවී ගලා හැලෙන අයිස් සමග පහළට රූටාවිත් තිබෙනවා.සංචාරකයාගේ දැනුම් දීමත් සමඟ ක්‍රියාත්මක වන සෝදිසි කිරීමේ මෙහෙයුමේ දී ගුවන් යානයේ ඉතිරි කොටස් සොයාගැනීමට සොයාගැනීමට බලධාරීන් සමත් වනවා.සියලු දෙනා පුදුමයට පත් කරමින් එහිදී හමුවන්නේ 1942 වසරේ දී මෙම ප්‍රදේශයේදී අතුරුදන් වූ ගුවන් යානයේ කොටස් වීම විශේෂත්වයක්.
මෙම සොයා ගැනීමත් සමග නෙවාඩා ප්‍රදේශය පිළිබඳව එතෙක් හෙලි නොවූ රහස් කිහිපයක් හෙළි වී තිබෙනවා.පරීක්ෂකයන් සොයා ගන්නා ආකාරයට පාලනයෙන් ගිලිහුනු ගුවන් යානය හදිසියේම කඩාවැටීමට " මව්න්ටන් වේව් " නම් සබාවික සංසිද්ධියක් බලපා තිබෙනවා.මෙය එම කඳුකර ප්‍රදේශයේ ස්වභාවික තත්ත්වයක් වුවත් ඒ වන විට කිසිවෙකු එම තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිට නැහැ.නෙවාඩා කඳු වැටිය පැසිපික් සාගරයෙන් හමාඑන සුළංවලට බාධකයක් විදිහට ක්‍රියා කරනවා.මේ සුළං ගොඩබිමට හමා ගෙන එද්දී ඒවා කඳුවැටියේ හැපිලා අඩි 4000ක් විතර ඉහළ නගිනවා.ඒ සුළඟත් සමග උෂ්ණත්වය ක්ෂණිකව පහළ බහින නිසා හැතැප්ම 03ක දුර ප්‍රමාණයක් ඇතුළෙ ඒවා නැවතත් අඩි 10,000ක් පහල බහිනවා.මේවාට ගුරුත්වාකර්ෂණ බලයත් එකතුවෙලා තරංග විදිහට ගමන් කරන්න පටන් ගන්නවා.මේවායේ තිබෙන ඉතාමත් වේගවත් බව නිසා කෙතරම් දක්ෂ අයෙකුට වුවත් පාලනය කර ගැනීමේ හැකියාවක් නැහැ.
ඒ වගේම තවත් හිතාගන්න බැරි විදිහේ අතුරුදන්වීමක් මේ ප්‍රදේශයේ සිදු වෙනවා.විවිධාකාරයේ පියාසර වාර්තා 115ක් පමණ හිමි අසීරු අවස්ථා වල ඉතා හොඳින් ක්‍රියාකරන උපදෙස් අකුරටම පිළිපදින ස්ටීව් නමුත් ගුවන් නියමුවෙක් 2007 සැප්තැම්බර් 3 වැනිදා මෙම ප්‍රදේශයේ දී අතුරුදන් වෙනවා.සංචාරය පිටත්ව පැය 03ත් පසු ඔහුගේ නොපැමිණීම නිසා කලබල වන ඔහුගේ මිතුරන් බලධාරීන් දැනුවත් කොට තිබෙනවා.නමුත් ඔහු පියාසරකල දිශාව වාර්තා කොට නොතිබීම එම කාර්ය තවදුරටත් දුෂ්කර කරනවා.කෙසේවෙතත් සති ගණන් ගෙවී ගියත් ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නැහැ.
නමුත් ස්ටීව් අතුරුදන් වී වසරකට පමණ පසුව කඳුකරයට ගිය පුද්ගලයකුට ඔහුගේ හැඳුනුම්පත , ඩොලර් දහසකට අධික මුදල් ප්‍රමාණයක් සහ ඔහුගේ ජර්සියත් හමුවී තිබෙනවා.මේ අනුව සොයා බැලීම් කරන බලධාරීන්ට ඒ ආසන්නයේ තිබී ඔහුගේ ගුවන් යානයේ කොටස් හමු වෙනවා.මෙම ගුවන් යානයේ කිසිම කාර්මික දෝෂයක් තිබුණු බවට සළකුණක් නැහැ.ඒ වගේම එම කාලය තුළ කිසිදු මවුන්ටන් වේව් තත්ත්වයක් ඇති වීමක් සිදුවෙලත් නැහැ.එසේනම් ස්ටීව්ට මොකද වුනේ?මෙතරම් පළපුරුදු ගුවන් නියමුවෙකුට ඔහුට වඩාත්ම හුරුපුරුදු පරිසරයක් තුළ අතපසුවීමක් සිදු වීමේ හැකියාවකුත් නැහැ.නමුත් කාලගුණ වාර්තාවලට අනුව ඔහු ගමන් කළ පඨයේ එම අවස්ථාවේ ටොනේඩෝ කිහිපයක් ඇතිවූ බවට සොයාගැනෙනවා.
එහෙනම් මෙතෙක් අතුරුදන් වූ ගුවන් යානා 2000ම ටොනේඩෝවලට නැත්නම් මව්න්ටන් වේවිවලට හසු වුනාද?මෙවන් ස්වභාවික සංසිද්ධියක් සිදු වූ බවට වාර්තා නොවන අවස්ථාවලදී සිදුවෙන අතුරුදන්වීම් මොනවාද?වර්තමානයේ දී පවා ඉඳහිට මෙම ප්‍රදේශයෙන් අතුරුදන් වන ගුවන්යානාවලට සිදුවන්නේ කුමක්ද?

Prashna
ReplyDelete