ලෝකයේ විවිධ හැකියාවන් , ශක්තීන් තිබෙන පුද්ගලයන් බොහොමයක් සිටිනවා.ඒ අතර සාමාන්‍යය මිනිසෙකුට කළ නොහැකි පුදුම සහගත දේවල් කරන අපූරු හැකියාවන් තිබෙන පිරිසුත් සිටිනවා.නමුත් අතුරුදන් වන මිනිස්සු , ජලය මත ඇවිදින මිනිස්සු , අතවත් නොතියා මිනිසෙක්ව ඉහලට ඔසවන්න හැකියාව තිබෙන මිනිස්සුනම් ඉන්නේ චිත්‍රපටවල නැත්නම් අපි බලන කාර්ටූන්වල විතරයි.නමුත් අනපේක්ෂිත විදිහට අපි අතරම සිටින මෙවන් පිරිස් කැමරාවට හසුවූ අවස්ථාවනුත් ඉඳහිට ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වෙනවා.අද අපි කතා කරන්නේ එවන් අපූරු අවස්ථාවන් කිහිපයක් පිළිබඳවයි.
අතුරුදන් වන මිනිසා :-
ඕස්ට්‍රේලියාවෙන් තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ.එළිමහනේ උදෑසන පටිගත කළ සජීවී වැඩසටහනක් අතරතුර පාර මාරුවී ගමන් කරමින් සිටින පුද්ගලයෙක් හිටි හැටියේම අතුරුදන් වී යන ආකාරය සටහන්ව තිබුණා.
පියාඹන ගැහැණු ළමයා :-
මේ සිදුවීම වාර්තා වන්නේ 2000 වර්ෂයේදී.බල්ලෙක් සමඟ සෙල්ලම් කරමින් සිටින මිනිසකුගේ දර්ශනයක් පටිගත වී තිබෙන කැමරා කාචයට හිටි හැටියේම කිසිඳු ආධාරකයක් පවා නොමැතිව බොහොම සැහැල්ලුවෙන් අහසේ පාවෙමින් සිටින ගැහැණු ළමයෙකු හසුවී තිබෙනවා.ඒ අසලම සාමාන්‍යය දෙයක් දෙස බලා සිටින ආකාරයෙන් එදෙස බලා සිටින කාන්තාවකුත් සිටිනවා.නමුත් මොවුන් කවුරුන්ද යන්න නම් සිතා ගැනීමේ හැකියාවක් පවා නැහැ.
තරුණ මායාකාරිය :-
මායාකාරියන් ගැන අපි අහලා තිබෙන්නේ පුංචි කාලේ අහපු කතන්දරවල විතරයි.එයාලට විවිධ දේවල් මවන්න , අතුරුදන් කරන්න වගේම එහාමෙහා කරන්න පවා හැකියාව තිබුණා.අනපේක්ෂිත අවස්ථාවක තරුණියක් තමන්ගේ අත සුලු එහා මෙහා කිරීමකින් මේසයක් එහා මෙහා කරන ආකාරය කැමරාවේ සටහන් වෙලා තිබෙනවා.සාමාන්‍යය පුද්ගලයකුට කරන්න බැරි මේවගේ දෙයක් මේ තරුණිය කරන්නේ කොහොමද?
අතුරුදන් වූ යතුරුපැදිය :-
පුද්ගලයෙක් කුමන හෝ ආකාරයට , බලයකින් අතුරුදන් වුණා කියලා හිතුවත් යතුරුපැදියකුත් සමඟ මිනිසෙක් අතුරුදන් වෙන්න පුළුවන්ද?CCTV කැමරාවක සටහන්ව තිබුණු මේ දර්ශණයේ භාණ්ඩ බෙදා හරින වාහනයක් පසුකර යන ස්කූටි වර්ගයේ යතුරුපැදියක් එක්වරම අතුරුදන් වන ආකාරය සටහන්ව තිබෙනවා.වාහනයේ සිටි පිරිස් පවා පැමිණි යතුරුපැදිය පිලිබඳව විමසා බලන ආකාරය පවා මෙහි සටහන්ව තිබුණත් යතුරුපැදිය සහ යතුරුපැදිකරුවා පිළිබඳව හෝඩුවාවක්වත් ඉතිරි වී නැහැ.මෙවන් බලයන් තිබෙන පුද්ගලයන්ට වාහන පවා තමන් සමඟම අතුරුදන් කළ හැකිද?
මිනිසුන් පා කරන තරුණිය :-
සෙනග බොහෝමයක් රැස්වී සිටින ස්ථානයක කැමරාවක සටහන් වී තිබූ මෙම දර්ශණයෙහි තරුණියක් එක්තරා පුද්ගලයකු සමඟ දුම්රියක් ආසන්නයේ බහින්බස් වන ආකාරය දක්නට ලැබෙනවා.ආරවුල අතරතුර තරුණිය අසලට පැමිණීමට උත්සාහ දරන මෙම මිනිසාව කිසිඳු ස්පර්ශයකින් තොරව අත දිගු කිරීමකින් ඈතට තල්ලු කොට දමන්නට හැකි වෙනවා.ඊට විරුද්ධව ඉදිරිපත් වන තවත් මිනිසකු පසුපසට තල්ලුකර අඩි කිහිපයක් ඉහලට ඔසවා ගෙන සිටින්නටත් ඇයගේ අත දිගු කිරීමකට හැකිවනවා.ඇත්තටම මේ සුපර් පවර්ස් තිබෙන කෙනෙක්ද?
The Flash :-
ෆ්ලෑෂ් කියන්නේ කතාවක ඉන්න මනකඃල්පිත් පුද්ගලයෙක් වුණත් මේ කියන්න සූදානම් වෙන්නේ සාමාන්‍යය ලෝකයයෙන් වාර්තා වුණ එවන් පුද්ගලයෙක් පිළිබඳවයි.රාත්‍රී කාලයේ පාරේ යන වාහන පිළිබඳව කිසිම සැලකිල්ලක් නොදක්වා පාර හරහා මාරු වීමට යතුරුපැදිකරුවකු කටයුතු කරනවා.ඉතාම බයානක අනතුරක් අත පොවන මානයේ තිබියදී ඉතාමත් වේගයෙන් එන අද්භූත මිනිසකු ක්ෂණයකින් පාපැදියකරු බේරාගෙන පාරෙන් ඉවන් කරනවා.තවත් වාහනයක ඉදිරිපස කැමරාවක සටහන් වුණ මෙම දර්ශණය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කිරීමට සමත් පුද්ගලයකු නැහැ.
අද්භූත මිනිසා :-
මේ සිදුවීම වාර්තා වන්නේත් රාත්‍රී කාලයේ ගමන් කළ වාහනයක ඉදිරිපස කැමරාවක් තුළිනුයි.වාහන අවම වන රාත්‍රී කාලයට වාහන තරමක් වේගයෙන් ගමන් කිරීම සාමාන්‍යය තත්ත්වයක්.මේ වගේ අවස්ථාවක පාර මාරු වෙන්න උත්සාහ කරන කාන්තාවක් වාහනයක ගැටෙන්නට ආසන්න මොහොතක ඉතා වේගයෙන් පැමිණෙන අද්භූත පුද්ගලයෙක් හෝ බලවේගයක් ඇය පාරේ අනිත් පසින් තැබීමට කටයුතු කළ ආකාරය කැමරාවේ සටහන්ව තිබෙනවා.
සැබෑවටම මේ අද්භූත මිනිසුන්ද?එසේත් නැතිනම් මේ අපි කාර්ටූන්වල , චිත්‍රපටවල දකින සුපර් මෑන් වැනි සුපර් පවර්ස් තිබෙන පුද්ගලයද?නැතහොත් මේ සියලු දෙනා මනස දියුණු කළ පිරිස්ද?මොවුන්ට මේ හැකියාවන් ලැබුණේ කෙසේද?මේ කිසිවකට නිෂ්චිත පිළිතුරක් තවමත් කිසිවකු සතුවත් නැහැ.එදිනෙදා අප අසන , දකින සාමාන්‍යය දෙයට වඩා ඉතා වෙනස් , පුදුමාකාර සිදුවීම් විටින්විට තවමත් අප පුදුමයට පත් කරමින් ලෝකයේ විවිධ ස්ථානවල සිදුවන බවනම් පැහැදිලියි.

No comments:
Post a Comment