ලෝකය තුළ විටින්විට වාර්තාවන අතුරුදන් වීම් බොහොමයි.ඒ අතර නැව් , ගුවන්යානා ආදී වාහන අතුදන් වීම් , මිනිසුන් අතුරුදන් වීම් ප්‍රධානයි.මෙවන් අතුරුදන් වීම් කෙතරම් සුලභ වුවත් සම්පූර්ණ ගම්මානයක්ම කිසිඳු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වීමක් පිළිබඳව වාර්තා වීම නම් පුදුම සහගතයි.නමුත් හිම මිදෙන මිටියාවතක ආක්ටික් කලාපය තුළින් මෙවන් බිහිසුණු සිදුවීමක් වාර්තා වී තිබෙනවා.
1930 නොවැම්බර් අග භාගයේ දිනක " අන්ගිකුනි " ධීවර ගම්මානයේ විසූ ගැහැණු , පිරිමි , ළමයි පමණක් නොව සතුන් පවා හෝඩුවාවක් නොමැතිව අතුරුදන්ව ගොස් තිබෙනවා.තමන්ගේ ජීවන වෘත්තීය ලෙස දඩයමේ නිරතවන ජෝ ලබේල්ට ඇස්කිමෝවරුන්ට ආවේණික කූඩාරම් බදු පැල්පතින් පිටුණ , මිත්‍රශීලී ගම්මානය ආගන්තුක ස්ථානයක් නොවේ.දඩයමේ යාමට පිටත් වූ පසුව මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මෙම කුඩා ගම්මානයට පැමිණ තිබේ.කුණාටුවෙන් මිදී ගම්මානයට ඇතුළු වූ මොහොතේ යම් සහනයක් දැනුනද සුපුරුදු උද්‍යෝගීමත් කලබලය වෙනුවට එහි පැවති පාලු ස්වභාවය ඔහුට රැගෙන ආවේ යම් කුහුලකි.සීත සමයේදී පැල්පත් මුදුනේ ඇති දුම් කවුලු තුළින් නොනවත්වා නගින දුම්රොටු , සතුටු සිනා කිසිවක්ම එහි නොවීය.
සුපුරුදු ලෙස උස් හඩින් ගම්වැසියන් ඇමතුවත් වෙනදා ගම්මුන්ගෙන් ලැබෙන ක්ෂණික ප්‍රතිචාරය තබා හැල්මේ බුරා හැලෙන හිම කරත්ත අදින බල්ලන්ගේ බිරුම් හඬද නොවීය.මේ අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් ගම්මානය පරීක්ෂා කර බලන ලාබෙල්ට කිසිඳු හානියක් නොවූ ගෙවල් දොරවල් , ධීවර යාත්‍රා සහ උපකරණ , අවි ආයුධ , ඇඳුම් පැලඳුම් පමණක් නොව ලිප්මත තිබෙන අර්ධව පිසුණු ආහාර පවා ඒ ආකාරයටම තිබෙන ආකාරය නිරීක්ෂණය වනවා.නමුත් කිසිඳු යුද්ධයක් , කලබලයක් , අරගලයක් ඇති වූ බවට සලකුණක් පවා හමුවන්නේ නැහැ.පවතින තත්ත්වයේ බියකරු බව වටහා ගන්නා ලාබෙල් දුෂ්කර මගක් වුවත් එම මග ගෙවා ගොස් ටෙලිග්‍රාෆ් කාර්‍යාලයට පැමිණ පොළිස් බැරැක්කයකට පණිවිඩයක් ලබා දීමට සමත්වනවා.
පණිවිඩය ලද සැණින් ක්‍රියාත්මක වුවත් පොළිසියට ගම්මානය වෙත පැමිණීමට පැය ගණනාවක්ම ගතවනවා.කෙසේවෙතත් ගිමන් හැරීමට අසල ගම්මානයක මදක් නවතින පොළිසියට එම නිවසේ දඩයක්කරු සහ පුත්‍රයන් දෙදෙනා මේ පිළිබඳව පවසන්නේ වෙනස්ම කතාවක්.ඔවුන් පවසන ආකාරයට දින කිහිපයකට පෙර අහස හරහා ඇදී ගිය විකාර රූපී දීප්තිමත් වස්තුවක් ගම්මානය දෙසට ගොස් තිබෙනවා.සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වුණ මේ යානය තම දෑස් ඉදිරිපිටම ක්ෂණිකව වෙඩි උණ්ඩයක් වැනි හැඩයකට මාරු වූ බවත් පවසනවා.
මොවුන්ගේ කතාවත් සිතේ තබා ගෙන ගම්මානයට පිවිසෙන පොළිසිය තමන්ගේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා.ගෙවල් දොරවල් , ඇඳුම් ඈදී සියලුම සාමාන්‍යය ආකාරයට තිබුණත් සජීවී ප්‍රාණීන් කිසිවකුම ගම්මානය තුළින් සොයා ගැනීමට ඔවුන් අසමත් වනවා.වනාන්තර , නිවාස පමණක් නොව ගමට අයත් සොහොන පවා නිරීක්ෂණය කරන ඔවුන්ට සොහොන තුළින් හමුවන්නේ කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වූ දර්ශණයක් නම් නොවේ.සොහොනේ සොයලුම සොහොන්කොත් දෙකට මැදින් පලා සොහොන් දෙපස පිළිවලට ගොඩගසා තිබෙන අතර ඒවා තුළ තිබූ සියලුම ඇටසැකිලිත් අතුරුදන්ව තිබෙනවා.
මේ දර්ශණයෙන් තවත් වික්ශිප්තභාවයට පත් වුවත් පිළිතුරක් අපේක්ෂාවෙන් පොළිසිය ඔවුන්ගේ සෙවීම් තවදුරටත් පුලුල් කර තිබෙනවා.මෙහිදී පිළිතුරක් වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ තවත් ප්‍රහේලිකාවක් පමණයි.ගම්මානයට අඩි 300ක් පමණ දුරින් අඩි 12 යට වැලලූ හිම යානා අදින සුනඛයන් 07 දෙනෙකුගේ සිරුරු ඔවුන් මෙහිදී සොයා ගන්නවා.මොවුන් තම සුනඛයන්ට ඉතාමත් හොඳින් සලකන ගෝත්‍රික ජනතාවක් වුවත් මෙම සුනඛයන් මිය ගොස් තිබෙන්නේ නිරාහාරව සිට හාමත් වීමෙන් බවට වාර්තාවනවා.
මෙවන් සීත සමයක ගම්වාසීන් සියලු දෙනා තම සුනඛයන් පවා හැරදමා වෙනත් ස්ථානයකට සංක්‍රමණය වූ බව පැවසීමේ හැකියාවක් නැහැ.එසේනම් ඔවුන් තම භාණ්ඩ සියල්ල රැගෙන යා යුතුයි.ලිප්මත පිසෙමින් තිබූ ආහාර පවා ඒ ආකාරයටම තබා ඔවුන් සියලු දෙනා කුමන ස්ථානයකට පිටව ගියාද?සොහොන් බිමේ මිහිදන් කළ ඇටසැකිලිවලට වුණේ කුමක්ද?මෙය සැබෑවක්ද?නැත්නම් මිත්‍යාවක්ද?සැබැවින්ම කිසිම හෝඩුවාවක් නොතබා ගම්මානයක්ම මෙසේ අතුරුදන් වූයේ කෙසේද?

Thank u akke me article ekt💕💕👍
ReplyDelete