ලෝකයේ විවිධ රටවල ජනප්‍රවාදයන්වල වගේම අපේ රටේ ජනප්‍රවාද තුළත් යෝධයන් ගැන සඳහන් වෙනවා.පුංචි කාලේ අපිට කියලා දුන්න කතන්දරවල මිරිස්ගල , උණ පඳුර ඇදගෙන මව පසුපස ගිය යෝධයාගේ සිට රජුගේ සේනාවට අයත් වූ දසමහා යෝධයන් ගැනත් අපි අසා තිබෙනවා.
විශාල සිරුරක් නැතිනම් විශාල ශක්තියක් තිබුණ මොවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව අසා තිබුණත් ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔවුන් සැබැවින්ම මිහිපිට වාසය නොකල බවයි.නමුත් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් භාවිත කල බවට සැලකෙන භාණ්ඩවල ශේෂ වූ කොටස් සහ සාමාන්‍යය මිනිසුන්ට වඩා විශාල හිස්කබල් , මිනිස් අස්ථි කොටස් ආදිය හමුවී තිබෙනවා.අද ලිපිය තුළින් අප කතා කරන්නේ යෝධයන් සැබැවින්ම මිහිපිට වාසය කළ බව සනාථ කිරීමට ලොවපුරා ප්‍රදේශවලින් ඉදිරිපත් වන සාක්ෂි පිළිබඳවයි.බටහිර වර්ජිනියාවෙන් හමුවු ඇටසැකිල්ලි :-
බටහිර වර්ජිනියාවේ ගල් අඟුරු කැණීම් සිදුකළ පිරිසකට සාමාන්‍යය මිනිස් අස්ථිවලට වඩා විශාල ඇටසැකිලි කිහිපයක් හමුවී තිබෙනවා.පරීක්ෂකයන් පවසන ආකාරයට මෙම ඇටසැකිලි ප්රාග් ඓතිහාසික යුගයට අයත් වනවා.ඊට අමතරව පසුකාලීනව පොළව කනින ලද අවස්ථාවන්වලදීත් මීට සමාන සාක්ෂි හමුව තිබුණා.1838 දී මවුන්ට්සිං ප්‍රදේශයේ ග්රේව්පීක් කන්දේ කැණීම්වල නිරතව සිටි පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායමකටත් අඩි 08ක් පමණ උස මෙවන් අසාමාන්‍ය ඇටසැකිල්ලක කොටස් හමු වී තිබෙනවා.
චීනයෙන් හමු වූ අස්ථි කොටස් :-
2017 වසරේ චීනයේ " ෂැංඩොං " ප්‍රදේශයෙනුත් මෙවන් අසාමාන්‍ය ඇටසැකිලි කිහිපයක් සොයාගෙන තිබෙනවා.මිනිස් සිරුරට අතිශයින් සමාන මෙම ඇටසැකිලි මීටර් 1.9ක පමණ දිගකින් යුතු බව පැවසෙනවා.මෙම අස්ථිවලට අමතරව එකල ඔවුන් භාවිත කල බවට සැලකෙන මැටි බඳුන් ආදී යම් යම් උපකරණ කිහිපයකුත් හමුවී තිබෙනවා.අදින් වසර 5000ට පමණ පෙර චීනයේ ජීවත් වන්නට ඇති බවට විශ්වාස කරන මෙම යෝධ මිනිසුන් සාමාන්‍යය චීන ජාතිකයකුගේ උපරිම උස වන අඩි 5.6 ඉක්මවා තිබීම විශේෂත්වයක්.
ඉන්දියාවෙන් හමු වූ ඇටසැකිල්ල :-
ලොව එතෙක් මෙතෙක් හමුවූ විශාලම මිනිස් ඇටසැකිල්ල ලෙස සැලකෙන අඩි 18ක දිගකින් යුතු ඇටසැකිල්ල අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙනවා." National Geographic " චැනලය මගින් ප්‍රථම වරට වාර්තා කළ මෙම ඇටසැකිල්ලේ පැවැත්ම ප්රාග් ඓතිහාසික යුගය දක්වාම දිව යන බවට ඉන්දියානු ජාතික භූගෝල විද්‍යාඥයන් මත පළ කරනවා.
සෞදි අරාබියෙන් හමු වූ ඇටසැකිලි :-
සවුදි අරාබියානු ප්‍රදේශය තුළිනුත් අතිශයින්ම විශාල , දැවැන්ත මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවනවා.කෙසේවෙතත් ශුද්ධ වූ කුරාණයේ සඳහන් වන ආකාරයට මෙම මිනිසුන් දෙවියන් වහන්සේගේම නිර්මාණක් වන අතර පසුව මොවුන්ගේ විනාශකාරී හැසිරීම් නිසා උන්වහන්සේ විසින්ම මොවුන් විනාශ කර තිබෙනවා.
ඇමරිකාවෙන් හමු වූ නෂ්ටාවශේෂ :-
1930 දී ඇමරිකාවේ නිවාඩා ප්‍රාන්තයේ ලව්ලොක් ප්‍රදේශයෙන් පතල්කරුවන් පිරිසකට යෝධයන්ගේ නෂ්ටාවශේෂ , නිදන් වස්තු සහ රතු පැහැති හිසකෙස් හමුවී තිබෙනවා.ජනප්‍රවාදවල මෙම යෝධයන් සීටකා නම් මිනීමරු ගෝත්රිකයට අයත් යෝධයන් ලෙස හඳුන්වා තිබෙනවා.එපමණක් නොව මෙම යෝධයන් විසින් ආහාරයට ගෙන ඉතිරි වූ කොටස් ලෙස අනුමාන කෙරෙන අඩි 06ක් පමණ උස මිනිසකුගේ මමීකෘත සිරුරක කොටස් ද හමුවී තිබෙනවා.
සැබෑවටම ඔවුන් මේ මිහිපිට වාසය කලාද?කෙසේවෙතත් අතීතයේ යෝධ මිනිසුන් මේ මිහිපිට ජීවත් වූ බවට දැක්වෙන මෙවන් තොරතුරු විදෙස් වෙබ් අඩවි ගණනාවක්ම ඉදිරිපත් කර තිබුණත් ඔවුන් මෙම තොරතුරු සොයාගත් සොයා ගත් මූලාශ්‍ර පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙන නිසා මේවා නිසැක වශයෙන්ම සත්‍ය බව හෝ අසත්‍ය බවට පැවසීමේ හැකියාවක් නැහැ.නමුත් ජනප්‍රවාද තුළ අපට නිතර හමුවූ යෝධයන් සැබැවින්ම මිහිපිට වාසය කලාද යන ගැටළුව නම් තවමත් විසඳී නැහැ.

woow
ReplyDelete